Sri Lanka Last chance For Qualify Super 8
2024 විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ නේපාලය අතර තරඟයට වර්ශාවෙන් බාධා එල්ලවීමත් සමඟ එම තරඟය අතහැර දැමීමටයි තරඟ තීරකවරුන් කටයුතු කරේ...ඒත් සමඟම සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලැබීමේ ශ්‍රී ලංකා බලාපොරොත්තු තව තවත් සුනුවුනි.
ශ්‍රී ලංකා කණ්ඩායමට කණ්ඩායම් තරඟ වටයේ තවත් එක් තරඟයක් පමණයි ක්‍රීඩා කිරීමට ඇත්තේ. ඒ නෙදර්ලන්ත කණ්ඩායම සමඟයි. ශ්‍රී ලංකා කණ්ඩායමට සුපිරි 8 දෙනාගේ වටයට පිවිසීමේ අවසන් බලාපොරොත්තුව ලෙස මෙම තරඟය ජයග්‍රහණය කිරීම අනිවාර්‍යවේ. එපමණක් නොව, දකුණු අප්‍රිකා කණ්ඩායම ඉතිරි තරඟ සියල්ලමද ජයග්‍රහණය කිරීම අනිවාර්‍ය වන අතර, බංග්ලාදේශය සහභාගී වන නෙදර්ලන්තයට එරෙහිව තරඟය වැස්සෙන් සේදීයාම අනිවාර්‍යවේ. පසුව බංග්ලාදේශය සහභාගී වන නේපාලය සමඟ තරඟය නේපාල කණ්ඩායම විශිෂ්ට ආකාරයෙන් ජයග්‍රහණය කළ යුතුවේ. එසේ වූවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ දළ ලකුණු ලබා ගැනීමේ වේගය බංග්ලාදේශය,නෙදර්ලන්තය සහ නේපාලයට වඩා වැඩි අගයක් තිබීම අනිවාර්‍ය.