නිමාවූ ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකා මුහුණ දුන් පළමු තරඟය වූ දකුණු අප්‍රිකා තරඟයට පෙර රාත්‍රියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිප දෙනෙකු මත්පැන් සාදයක් පවත්වා ඇති බව " දා මෝනින් " පුවත්පත අද වාර්තා කර තිබුණා...
කෙසේ වෙතත් මේ පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහක් ලක්වූ අතර, මේ සිදුවීම පිළිබඳ සත්‍ය අසත්‍ය පෙන්වා දෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබුණා...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ දා මෝනින් පුවත්පත වාර්තා කළ ආකාරයට තරඟයට පෙර රාත්‍රියේ කිසිඳු ක්‍රීඩකයෙකු එලෙස මත්පැන් සාදයක් පවත්වා නොමැති බවත්, පුවත්පත වාර්තා කළ පුවත සම්පූර්ණ අසත්‍යක් බව නිවේදනයේ දන්වා සිටිනවා.