#ඇන්ටියි මායි
කෙටිකතාවකි........
මම කතරගම කොල්ලෙක් නමින් දම්සර....😃.අපේ පවුලේ හිටියේ හතර දෙනයි ....තාත්තයි අම්මයි නංගියි මමයි..අපිට පුංචි කලුදොදොල් කඩයක් තිබ්බා සෙල්ල කතරගම ....😊අපි ගොඩක් සතුටින් හිටියා මොකද අපේ ගෙදර චූටි දෝණි හෙන දග හින්දා...දවසක් මට හිතුනා කොළඹට ගිහිල්ලා රස්සාවක් කරලා වැඩිපුර ගානක් හොයාගන්න තිබ්බනං කියලා..
මං කොහොමහරි අම්මලට කියලා කියලා කැමති කරගෙන මං කොළඹට ආවා ...එද්දී ගොඩක් දුක හිතුනා, හේතුව අම්මලා ගොඩක් දුක් විඳින හින්දා... ඇත්තම කිව්වොත් මං ආවෙ මට දෙයක් කරගන්න නෙමේ මගේ චූටි දෝණි ලොකු නෝනා කෙනෙක් කරන්න.....
මං කොළඹට ආවේ මුත්තු අයියාගේ මාර්ගයෙන් ... මුත්තු අයියා කළේ අපෙන් කලු දොදොල් අඩුවට අරගෙන කොළඹ ගිහින් ලොකු ගානකට විකුණන එක..... මට කොහොම හරි වැඩ කරන්න ලැබුණේ පිටකොටුවේ සාරි කඩේක.... මං ආසාවෙන් වැඩ කරා...හැබැයි එතන මට පොඩි අවුලක් තිබ්බා ...අපිට සාරි කඩේම නවතින තැනක් තිබ්බා. ඉතින් එකේ ඉන්නෙ කොල්ලෝ රෑට සිගරට්, අරක්කු ,ගංජා,
එක එක වර්ගයේ දේවල් පාවිච්චි කරනවා.. ඒත් මට ඒ තියරිය හරියන්නෑ ....මොකද මං කවදාක්වත් අරක්කු පොඩ්ඩක්වත් සිගරැට් එකක්වත් බීලා තිබ්බේ නෑ...
මම තීරණය කළා බෝඩිමට යන්න....මං බෝඩිමක් හෙව්වා. පට්ට ගණන් හලෝ ඒවා ....බෝඩිමට සල්ලි දීලා ගෙදරට ගානක් යැව්වට පස්සේ අතේ සතයක්වත් ඉතුරු වෙන්නෑ....ඊට පස්සෙ මම බොඩිම් හෙවිල්ල පැත්තකින් තියලා පුළුවන් විදිහට ඉන්න තීරණය කළා..ඔහොම සති දෙක තුනක් ගත වෙද්දී මට සරෝජනි කියලා ගෑනු ලමෙක් මුණගැහුණා....ඒ කෙල්ල දෙමළ කෙල්ලෙක් වුනා ට හොඳට සිංහල කතා කරන්න පුළුවන් කෙල්ලෙක්...කාලයක් අපි දෙන්න ආශ්‍රය කරනකොට අපිට අපි දෙන්නා නැතුව බැරුව ගියා . සරෝට මන් දවසක් කිව්වා " සරෝ මැණික ඔයාට පුලුවන්ද මට පොඩි බෝඩිමක් හොයලා දෙන්න කියලා".
සරෝ කිව්වා එයා ඉන්නේ ගොඩක් දුරට වෙන්න, එහෙනම් බෝඩිමක් අඩුවට හොයාගන්න පුළුවන් කියලා...
කිව්වා වගේම කෙල්ල දවස් දෙකෙන් මට බෝඩිමක් හොයලා දුන්නා.... කෙල්ල දුන්න ඇඩ්‍රස් එකට මම ගියා පහුව දවසේ උදෙන්ම.... පේන්න කවුරුවත් හිටියේ නෑ කතා කළාට කවුරුත් ආවෙත් නෑ..ඒක නිසා මම ගේට්ටුව ඇරගෙන ඇතුලට ගිහින් දොරේ තිබ්බ බෙල් එක ගැහුවා...ඒත් එක්කම අවුරුදු 50 ක විතර ඇන්ටි කෙනෙක් ආවා එලියට ....ඇන්ටි කෙනෙක් කිව්වට නම් අක්කා looking තමා ඉතින් ...ටයිට් ස්කින් එකක් ගහලා චූටිම චූටි කලිසමකුත් ගහගෙන එළියට අවේ මගේ හිතත් කළඹ ගෙන... හරියට මට අකුණක් ගැහුවා වගේ.....
ඒ ඇන්ටි මන් දිහා බලන් හිනා වෙනවා වගෙ මට තේරුණා එක පාරට ... හප්පට සිරි😜😜 මම ඒ ගෑනි දිහා විනාඩි දෙක තුනක් කන්න වගේ බලන් ඉඳලා කියන්නකො.... ඇන්ටි මගෙන් ඇහුවා "මල්ලි ඔයා ආවේ room එකක් බලන්නද කියලා".....එයා එක ඇහුවෙත් අමුතුම තාලෙකට...ඒ වෙලෙ පිස්සෙක් වගේ ඔලුව වනාගෙන වනාගෙන ගියා...අන්තිමට මං එහේ බෝඩිං කාරෙක වෙලා තමා නැවතුනෙ.....
මං එහෙ ඉඳන් හරිම සතුටින් තමා වැඩට ගියේ..හැබැයි මම උදේ හවස හැම වෙලාවෙම ඇන්ටිව දකින්නයි ආස කරේ....
දැන් සරෝජනී අමතක උනා කියන්නකො....මේ ඇන්ටි මගේ හිතට ආපු දවසෙම ඉඳන්ම සරෝජනීව එපා වෙන්න ගත්තා....එක ඒ වෙනකොට සරෝජනිට තේරිලා තිබ්බා ....කොහොමහරි මගෙයි සරෝජනීයි අතර තිබ්බ සම්බන්ධය විසිරිලා යන්න පටන් ගත්තා....මට ගානක් නම් දැනුණේ නැහැ හේතුව මට ඇන්ටි ගැනයි හිතේ තිබ්බේ.....
ඔහොම මාස දෙකක් විතර යනකොට මට වෛරස් උණක් හැදුනා.... ඇත්තටම එදා මට උදේ ඇඳෙන් බැහැ ගන්න වත් බැරි වුනා.... කොහොමහරි බැරි බැරි ගානේ අපේ බෝඩිමට මලිත් මල්ලිට කෝල් එකක් ගත්තා ....මගේ වෙලාව ද කොහෙද පළවෙනි ring එකෙන්ම ෆෝන් එක ආන්සර් කලා.... මම මල්ලිට seen එක කිව්වා....ඌ ඇවිල්ලා මාව නැගිට්ටවලා ඇඳුමක් දාන්න පොඩි help එකක් දීලා මාව බෙහෙත් ගන්න එක්කන් ගියා...
මම බෙහෙත් අරං ඇවිල්ලා වීල් එකෙන් බහිද්දී අපේ ඇන්ටි දොර කඩ ම හිටියා.... ඇන්ටි තේරුණා මම මොකක් හරි අමාරුවකින් ඉන්නේ කියලා ....මගෙ ලඟට ඇවිල්ල පපුවට අත තියලා ඇහුවා පුතේ ඔයාට සනීප නැද්ද කියලා.
මම දන්නෙ ඒ වෙලා මගේ ලෙඩේ නිකම්ම හොඳ වුනා..... ආන්ටි මල්ලිට කිව්වා මාව කාමරේට දාන්න ,දෙන්නටම කන්න මොනාහරි අරන් එන්නං කියලා ...... මල්ලී පැනපු හැටියේ කිව්වා...." මට මුකුත් එපා නැන්දේ මම දැන් වැඩට යනවා කියලා"...
කොහොමහරි මට කොල්ලා ඇඳුමක් මාරු කරගන්න help එකක් දීලා වැඩට ගියා... ඊට පස්සේ ඇන්ටි ආවා කන්න කෑමයි බොන්න පස් පංගුවයි හදාගෙන ..... ඇන්ටි මට කෑම එක මේසෙන් තියලා ඔලුව අතගගා ටිකක් වෙලා හිටියා...මට මාර සැපක් හලෝ දැනුනේ....
පස්සේ 12ට විතර අපේ ඇන්ටි මගේ කාමරේට ඇවිල්ල ගිහිල්ලා තිබ්බා මාව බලන්න...ඒ වෙලාවේ මම නිදන් ඉඳලා තිබ්බේ... ඒක මම දන්නේ ඇන්ටි හවස ඇවිල්ලා එක මට කියද්දි... අපරාදේ නේද ?...මාත් එක්ක ටිකක් වෙලා කථා කර කර ඉඳලා ඇන්ටි යන්න කියලා හැරිලා උළුවස්ස ගාවට ගිහිල්ලා මන් දිහා බලලා මට පොඩි කින්ඩියක් දැම්මා. " පුතේ ආයෙ සරම අදිනවා නම් දොර ලොක්කර නිදාගන්න කියලා"....
මට එකපාරට කිසි දෙයක් තේරුනේ නෑ.....හුටා සරම උඩ ගිහිල්ලා වත් තිබ්බද .....ඔහොම දවස ගෙවිලා ඉවර වුනා ...... පහුව දවසේ මට පොඩ්ඩක් අඩුයි...... මම තනියම ගිහිල්ලා මූණ කට හෝදගෙන...ඉස්සරහ බක්කි කඩෙන් බත් එකකුත් ගෙන්නගෙන කාලා ෆෝන් එකෙන් පොඩි ගේමකුත් ගහලා ආයෙ ටිකක් ඇල උනා..... නිදාගෙන ඉන්නකොට මට තේරුණා මගේ ඇඟේ සර්පයෙක් යනවා වගේ ....එක පාරට මම බලයෙන් ඇහැරෙද්දි...ඇන්ටි මං ලඟ....සර්පයෙක් නෙමෙයි හැපින්නක්.මට තේරුණා මට ඕන දේ ම තමයි ඇන්ටිටත් ඕනි කියලා...මට ඒ වෙලාවෙදි මගේ හැඟීම් පාලනය කරගන්න බැරි වුණා...මං ඇන්ටිව මගේ පැත්තට අරගෙන ඉඹින්න ගත්තා...කොහොමහරි පැය දෙක තුනකට පස්සේ අපි දෙන්න ඇඳේ දෙපැත්තෙන් ඇල උනා...
දැන් තමා කතාවේ හොඳම ටික....අපි මාස හය හතක් ඔහොම කරගෙන ගියා... හරියටම පොසොන් පෝය දවසෙ මම හිටියේ අපේ ගමේ පන්සලේ...ලේ දන්දීමේ පිංකමට ඇවිල්ලා.... මම එදා ලේ දීලා ගෙදර ගිහිල්ලා දෝණිත් එක්ක සෙල්ලං කර කර ඉඳලා දවස් දෙකට පස්සේ ආයෙ කොළඹ ආවා ....මං එද්දි කලු දොදොල් අරං ආවා ඇන්ටිටත්...
සුමානෙකට විතර පස්සෙ මට ලේ බැංකුවෙන් කෝල් එකක් ආවා...මට වයිරස් එකක් තියෙනවා ඇවිල්ලා චෙක් කරගන්න කියලා....මට ඊට එහා විස්තරයක් කිව්වේ නැහැ ...හැබැයි කිව්වා අනිවාර්යෙන්ම එන්න කියලා....පහුව දවසේ මම නිවාඩු දාලා ලේ බැංකුවට ගියා....
ඔයාලා හිතන්න බලන්න මට මොකද උනේ කියලා....කරුමෙ කියන්නෙ මට HIV...මට එතනම කෑගැහිල්ලා ඇඬුණා.... මම බෝඩිමට ආවේ මළකඳක් වගේ....මම ඒ ගෑනිගෙන් ඇහුවා ඇයි මට උඹ මෙහෙම දෙයක් කළේ කියලා.... ඒ ගෑණි මුකුත් කිව්වේ නෑ....මොනවා කියන්නද මම කැමැත්තෙන් මේ හැමදේම කරගත්තේ ....මම එදා ගත්ත වැරදි තීරණ නිසා මගේ ජීවිත කාලෙම මම මැරි මැරි ඉපදෙනවා.... කවදාක්වත් මේ ලෙඩේ හොඳ කරන්න බෑ..... මට දැනට අවුරුදු 26...මං තව කොච්චර කාලයක් මෙහෙම ජීවත් වෙයිද කියන්න දන්නේ නෑ... හැමදාම රෑට පෙත්තක් බිබී මගේ ජීවිතේ ගැට ගහගන්නවා....
ආදරණීය සහෝදරයා සහෝදරිය ඔයාලා ජීවිතේ වරද්ද ගන්න එපා..කවදාක්වත් කාමයට මුල්තැන දෙන්න එපා ....වැරදි පැත්තක් ඇති මේ කතාවේ ...හැබැයි මේ තුළින් ආදර්ශයක් ගන්න ....
හැමෝටම බුදු සරණයි ❤