Lanka T10 Team Owner Arrested
මේ වන විට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ලංකා T10 ලීග් තරඟාවලියේ කණ්ඩායම් හිමිකරුවෙකු ශ්‍රී ලංකා ක්‍රීඩා පොලිස් ඒකකය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.ඒ තරඟ පාවාදීමේ ප්‍රවේශයක් පිළිබඳ චෝදනා මත ය.
ලංකා T10 සුපර් ලීග් තරගාවලියේ ‘Galle Marvels’ කණ්ඩායමේ හිමිකරු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු හෙට (13) අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය තහවුරු කළේය. තරග පාවාදීම් සම්බන්ධයෙන් සැක කටයුතු යෝජනාවක් සම්බන්ධයෙන් විදේශීය ක්‍රීඩකයෙකු පැමිණිළි කිරීමෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා.
තවමත් පරීක්ෂණ කටයුතු සිදුවෙන බැවින් මෙහි ස්වාභාවය පිළිබඳ වැඩිදුර විස්තර ලබාදී නැහැ.
