Angela Mathews On Media
බංග්ලාදේශය සමඟ පැවැත්වීමට නියමිත තරඟය සඳහා වන පුහුණු සැසිය අද ඩලාස් ක්‍රීඩාංගණයේදී පැවැත්වුනා...එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවී ඇති දුශ්කරතා සහ බංග්ලාදේශය සමඟ තරඟය ගැන සුපිරි තුනිඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් අද දෙරණ නාලිකාවට ප්‍රකාශයක් සිදු කර තිබුණා.
" ප්‍රැක්ටිස් පහසුකම් හොඳ නැහැ...විකට්ස් හොඳම නැහැ...මන් හිතන්නේ අපිට බැට් කරන්න බැරි උනා හරියට...මන් හිතන්නේ අපිට හම්බ වෙච්ච පසුගිය දවස් 4,5 අපිට ගොඩක් දුෂ්කර උනා...අභියෝගාත්මක දවස් ටිකක් ගෙවුණා...ගුවන් ගමන් පැය ගණන් ප්‍රමාද වෙලා ප්‍රැක්ටිස් කැන්සල් කරන්න සිද්ද උනා අපිට....නමුත් මේක නිදහසට කරුණක් කරගන්න කැමති නැහැ අපි බාධක මැද්දේ ජයගත් කණ්ඩායමක්....ඉතින්, අපි මේ දේවල් පස්සට දාලා බංග්ලාදේශය සමඟ තරඟය හොඳින් කරන්න බලාපොරොත්තු වෙනවා...මේ තරඟ තුනම අපිට තීරණාත්මකයි ඉදිරි වටයට සුදුසුකම් ලබන්නනම්...සුදුසුකම් ලබන්නනම් තරඟ තුනම ජයගන්න ඕනා...බංග්ලාදේශය කියන්නෙත් ඉතාමත් හොඳ කණ්ඩායමක්...ඉතින්, අපි සියලුම වෙර දරලා ක්‍රීඩා කරන්න ඕනා මේ තරඟය ජයගන්නනම් "
Source : - Ada Derana News
