Sri Lankan Child

 Sri lankan Child



 
වැලිඔය, කල්‍යාණපුර ප්‍රදේශයේ දී අමානුෂිකව පහරකෑමට ලක්ව මේ වන විට වැලිඔය පොලිස් භාරයේ සිටින කුඩා දැරිය අද (05) දහවල් මුලතිව් අධිකරණ වෛද්‍යවරය වෙතට යොමුකිරීමට පොලීසිය විසින් පියවර ගෙන තිබුණා.

 වැලිඔය පොලිස් ළමා හ කාන්තා කාර්යංශ නිලධරිණියන්ගේ භාරයේ සිටින අවුරුදු 04 මාස 06ක් වයසැති මෙම දැරිය එම නිලධාරිණියන්ගේ ද අධීක්ෂණය හමුවේ වැලිඔය පොලිස් නිලධාරීන් විසින් මුලතිව් මහ රෝහල වෙතට රැගෙන යනු ලැබුවා. මේ අතර මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු වන ‘කුකුල් චමින්ද’ නැමත්තා මෙන්ම ඔහුගේ බිරිද සහ අනියම් සමඟ තවත් සැකකරුවන් දෙදෙනෙක් පදවිය සංචාරක අධිකරණය වෙත අද (05) දින ඉදිරිපත් කිරීමට නියමිතයි.



Post a Comment

Previous Post Next Post